• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය ශක්තිමත් කිරීම
ඉදි කිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය යන්ත්‍රෝපකරණවල පැවති හිඟයට පිළියමක් යොදමින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සැපයීම පිණිස 1992 වර්ෂයේදී ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය පිහිටුවන ලදී. එම ආයතනයේ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සලසා ගැනීම වෙනුවෙන් භාණ්ඩාගාර ඇපකරයක් මත ණය මුදලක් ලබාගැනීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.