• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ජලය තුළ ජීවය' (නීල තිරසර සංවර්ධන අරමුණ) පිළිබඳ කලාපීය සමුළුව 2018 ජුනි මස 21 හා 22 දිනයන්හිදී කොළඹදී පැවැත්වීම
එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු යටතේ එන දුප්පත්කම තුරන් කිරීම ආදී ඉලක්ක සපුරා ගැනීමේදී විශාල දායකත්වයක් සැපයීමට ධීවර කර්මාන්තයට හැකි බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ජලය තුළ ජීවය හෙවත් නීල තිරසර සංවර්ධන අරමුණ ළඟා කරගැනීමේදී ඇති අභියෝග සඳහා සාමූහිකව සූදානම් වීමේ වැදගත්කම අවධාරණය කරනු ලැබ තිබේ.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් කලාපීය සමුළුවක් කලාපයේ සමුද්‍රාශ්‍රිත රටවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් 2018 ජුනි මස 21 හා 22 යන දිනයන්හිදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමටත්, ඒ සඳහා වැය වන පිරිවැය ආවරණය කරගැනීම සඳහා නෝර්වේ රජයෙන් ලබා දෙනු ලබන රුපියල් මිලියන 3.48ක ප්‍රදානය ලබාගැනීමටත් එවකට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව, ඒ සම්බන්ධයෙන් වත්මන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා විසින් ලබා දෙන ලද එකඟතාවද සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.