• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය ශික්ෂණ රෝහලේ තෙමහල් පුරුත්ථාපන මධ්‍යස්ථානය ඉදි කිරීම හා උපකරණ ලබා දීම සහ තුන් අවුරුදු පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීම
යාපනය ශික්ෂණ රෝහල ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන තෘතීයික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් වන අතර, යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උපාධි අපේක්ෂකයින්ට අවශ්‍ය සායනික පුහුණුව සැලසීමද එමඟින් සිදු කරනු ලැබේ. 2017 වර්ෂයේ මෙම රෝහලේ ශල්‍යකර්ම 39,390ක් සිදු කර ඇති අතර, ඉන් 12,486ක් පමණ පශ්චාත් ශල්‍යකර්ම පුනරුත්ථාපන ආරක්ෂාව අවශ්‍ය විකලාංග ශල්‍යකර්ම වේ. ගුණාත්මක පුනරුත්ථාපන ආරක්ෂණ සේවාවන් සැපයීම සඳහා එම රෝහලේ භෞතික පහසුකම් සහ කාර්ය මණ්ඩල පුහුණුව ඉහළ නැංවිය යුතු බව හඳුනාගනු ලැබ තිබේ.

ඒ අනුව, යාපනය ශික්ෂණ රෝහලේ තෙමහල් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදි කිරීමටත්, ඒ සඳහා උපකරණ සැපයීමටත්, අදාළ කාර්ය මණ්ඩලයේ කුසලතා ඉහළ නැංවීම සඳහා තුන් අවුරුදු පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් යෝජනා වී තිබේ. රුපියල් මිලියන 605ක වියදමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.