• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞඛ්‍ය පද්ධතීන් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත සෞඛ්‍ය පද්ධතීන් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ උතුරු මැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ සහ අදාළ පළාත් මට්ටමින් ව්‍යාපෘති කළමනාකරණ ඒකක පිහිටුවීමටත්, ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.