• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇමරිකා එක්සත් ජනපද සහස්‍ර අභියෝග සංස්ථාව සහ ශ්‍රී ලංකා රජය අතර ප්‍රදානය කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම
ඇ‍මරිකා එක්සත් ජනපද විදේශ ආධාර නියෝජිතායතනයක් වන 'සහස්‍ර අභියෝග සංස්ථාව' (Millennium Challenge Corporation - MCC) විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගමනය වෙනුවෙන් ඉදිරි පස් වසරක කාල සීමාව තුළ මෙරට වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් සංවර්ධනය කිරීම සඳහා ලබා දෙනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක ප්‍රදානයක් ලබාගැනීමටත්, ඊට අදාළ ගිවිසුමකට එළඹීටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත. එම ප්‍රදානයට අතිරේකව ඇමරිකානු ඩොලර් මිලියන 2.6ක ප්‍රදානයක් ද ශ්‍රී ලංකාව වෙත ලබා දීමට එම ආයතනය විසින් එකඟ වී ඇත. එබැවින්, එම අතිරේක ප්‍රදානය ලබාගැනීමට සහ ඒ යටතේ වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සහස්‍ර අභියෝග සංස්ථාව සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කරගනු ලැබ ඇති ගිවිසුම, සම්පූර්ණ ප්‍රදාන ආධාර මුදල ඇමරිකානු ඩොලර් මිලියන 10ක් වන පරිදි සංශෝධනය කර ඊට අත්සන් තැබීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.