• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව ආගාමික හා විගාමික පනතක් කෙටුම්පත් කිරීම
කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත සමාලෝචනය කර, නව පනතක් පැනවීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා එම ක්ෂේත්‍රය හා සම්බන්ධ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලැබ තිබේ. එම කමිටුවේ නිර්දේශ මත පදනම්ව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නව ආගාමික හා විගාමික පනතෙහි ඇතුළත් විය යුතු විධිවිධාන පිළිබඳ වාර්තාවක් සකස් කරනු ලැබ තිබේ.

එම වාර්තාව මඟින් යෝජනා කරනු ලැබ ඇති විධිවිධාන ඇතුළත් කරමින්, නව ආගාමික හා විගාමික පනතක් කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.