• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිරිපහදු කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තු තුනකට (03) එළඹීම
2018 මාර්තු මස 15 දින සිට ඉදිරි මාස අටක (08) කාලසීමාවක් සඳහා අවශ්‍ය ඩීසල් බැරල් 4,650,000ක්ද, ගුවන්යානා ඉන්ධන බැරල් 2,080,000ක්ද, පෙට්‍රල් බැරල් 1,275,000ක්ද මිල දී ගැනීම සඳහා, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාළ සැපයුම්කරුවන් සමඟ දිගුකාලීන කොන්ත්‍රාත්තු තුනකට (03) එළඹීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.