• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිල දී ගැනීම
රාජ්‍ය සහ පෞද්ගලික අංශ සඳහා යාන්ත්‍රික ඉංජිනේරු සේවා සපයනු ලබන පුරෝගාමී ආයතනයක් වන රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ බර වැද්දුම් හා යන්ත්‍ර වැඩහල මඟින් විශේෂයෙන්ම වාරිමාර්ග අංශයේ විශාල ව්‍යූහයන් සඳහා අවශ්‍ය නිෂ්පාදන හා සේවාවන් සපයනු ලැබේ. මෙරට ‍වාරි කර්මාන්තවල දියුණුවත් සමඟ ජල කළමනාකරණ සොරොව් දොරටු සෑදීම, සවි කිරීම හා අලුත්වැඩියා කිරීම සඳහා වන ඉහළ යමින් පවතින ඉල්ලුමට සරිලන පරිදි එම වැඩහලෙහි නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කළ යුතු බව හඳුනා ගනු ලැබ තිබේ.

ඒ අනුව, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ බර වැද්දුම් අංශය සඳහා අවශ්‍ය ගාන පට්ටලයක් (Plano Miller) හා පරිගණක මඟින් ක්‍රියා කරවිය හැකි (Computer Numerical Control-CNC) යන්ත්‍රයක් මිල දී ගැනීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.