• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බොරතෙල් බැරල් 7,000,000ක් මිල දී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය බොරතෙල් සැපයුම සහතික කිරීම පිණිස දීර්ඝකාලීන කොන්ත්‍රාත්තු යටතේ බොරතෙල් මිල දී ගැනීමට තීරණය කරනු ලැබ තිබේ. ඒ අනුව, 2018 අප්‍රේල් 01 සිට මාස අටක කාලයක් සඳහා අවශ්‍ය මර්බන් බොරතෙල් (Murban Crude oil) බැරල් 7,000,000ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 1.69ක් බැගින් වන ප්‍රිමියම් අගයකට M/s. Swiss Singapore Overseas Enterprises Pte. Ltd. වෙත පිරිනැමීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.