• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සතු ඛනිජ වැලි විකිණීම
ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය විසින් සිය ප්‍රධාන නිෂ්පාදන වන ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් හා හයිටයි ඉල්මනයිට් ආදී ඛනිජ වැලි වර්ග ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම මඟින් අලෙවි කිරීම සිදු කරනු ලැබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, විවිධ වර්ගවල ඛනිජ වැලි මෙට්‍රික් ටොන් 17,800ක් ඒ සඳහා ඉහළම මිල ගණන් ඉදිරිපත් කර තිබූ ලංසුකරුවන් වෙත අලෙවි කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.