• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පොලීසියේ නව ගොඩනැඟිලි ඉදි කිරීමේ කාර්යයන් සඳහා උපදේශක සේවා ආයතන පත් කරගැනීම
නව ගොඩනැඟිලි ඉදි කිරීම, වැඩිදියුණු කිරීම සහ අලුත්වැඩියාවන් සඳහා ශ්‍රී ලංකා පොලීසිය වෙත වාර්ෂිකව රුපියල් මිලියන 1,000කට වැඩි මුදලක් වෙන් කරනු ලැබේ. 2018 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වන කාලසීමාව තුළ ශ්‍රී ලංකා පොලීසියේ නව ගොඩනැඟිලි ඉදි කිරීමේ ව්‍යාපෘති සඳහා උපදේශක සේවා සැපයීමේ ආයතනයක් තෝරා ගැනීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ ජාතික ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව යන ආයතන වෙතින් එම සේවාවන් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.