• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'සැමට සෙවණ' හා 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන සඳහා ඉඩම් වෙන් කිරීම
අඩු ආදායම්ලාභී ජන කොටස් සමාජ ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේදී මූලික අවශ්‍යතාවක් වන ඔවුන්ගේ නිවාස ගැටලුව විසඳා ලීම සඳහා 'සැමට සෙවණ' හා 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන වැඩසටහන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. එම වැඩසටහන යටතේ 2020 වර්ෂය වන විට ආදර්ශ ගම්මාන 2,500ක් ඉදි කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා එක් වර්ෂයකට ආදර්ශ ගම්මාන 650ක් පමණ ඉදි කළ යුතු වේ.

මේ සඳහා දීපව්‍යාප්ත මට්ටමින් ඉඩම් වෙන් කිරීමේ කාර්යය කඩිනමින් සිදු කළ යුතු අතර, ඒ සඳහා නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සම - සභාපතිත්වයෙන් යුත් අදාළ අමාත්‍යාංශ හා ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් ස්ථාපනය කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.