• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර ඇතිවීම වළක්වා එම ප්‍රදේශය සංවර්ධනය කිරීමේ යෝජිත ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර ඇතිවීම වළක්වා එම ප්‍රදේශය සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාවට නැංවීමට යෝජිත ව්‍යාපෘතියේ පූර්ව ශක්‍යතා අධ්‍යයන කටයුතු මේ වන විට ආරම්භ කරනු ලැබ ඇති අතර, ඒ සඳහා වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශය සහ අනෙකුත් රජයේ ආයතනවලින් දත්ත එකතු ‍කෙරෙමින් පවතී. අවශ්‍ය දත්ත අදාළ ආයතන වෙතින් නිල වශයෙන් ලබාගැනීම සඳහා එම පූර්ව ශක්‍යතා අධ්‍යයනය සිදු කරනු ලබන සීමාසහිත MCC ජාත්‍යන්තර සමාගමට නිල ලිපියක් නිකුත් කිරීමටත්, මෙම ශක්‍යතා අධ්‍යයනයට සම්බන්ධ කටයුතු අදාළ අමාත්‍යාංශ හා ආයතනවල සම්බන්ධීකරණය සහිතව සිදු කිරීමටත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.