• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයට අයත් මෝටර් වාහන සංඛ්‍යාව
රජයේ වත්කම් හා පිරිවැය කළමනාකරණය කිරීමේ අරමුණින් පිහිටුවන ලද කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය විසින් නිකුත් කරන ලද අංක 2017/01 දරන වත්කම් කළමනාකරණ චක්‍රලේඛයෙහි විධිවිධාන පරිදි එක්රැස් කරන ලද, පළාත් සභාවන්ට අයත් වාහන සම්බන්ධ‍යෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ පහත තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. තවද‍‍‍, පළාත් සභාවන්ට අයත් ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින වාහන කඩිනමින් අපහරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ බලධාරින් වෙත උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

පළාත් සභා ධාවනය කළ හැකි ධාවනය කළ නොහැකි මුළු වාහන සංඛ්‍යාව
1 මධ්‍යම පළාත් සභාව 1716 175 1891
2 නැගෙනහිර පළාත් සභාව 1579 423 2002
3 උතුරු මැද පළාත් සභාව 649 43 692
4 වයඹ පළාත් සභාව 1322 80 1402
5 උතුරු පළාත් සභාව 1719 236 1955
6 සබරගමුව පළාත් සභාව 1197 71 1268
7 දකුණු පළාත් සභාව 1600 123 1723
8 ඌව පළාත් සභාව 1009 57 1066
9 බස්නාහිර පළාත් සභාව 3563 384 3947
මුළු වාහන සංඛ්‍යාව 14,354 1,592 15,946