• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'1990 සුවසැරිය පදනම' පනත් කෙටුම්පත නීතිගත කිරීම
ඉන්දියානු රජයේ ප්‍රදාන ආධාර යටතේ වර්තමානයේ බස්නාහිර හා දකුණු පළාත්වල ක්‍රියාත්මක කෙරෙන පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව, දිවයිනේ සෙසු පළාත් වෙත ව්‍යාප්ත කිරීමටත්, එම සේවාව පරිපාලනය කිරීම සඳහා '1990 සුවසැරිය පදනම' ස්ථාපිත කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා විධිවිධාන සලසමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති '1990 සුවසැරිය පදනම' පනත් කෙටුම්පත, රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.