• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ දේශසීමා කළමනාකරණ ක්‍රමෝපාය (Integrated Border Management - IBM) ක්‍රියාත්මක කිරීම
ජාතික ආරක්ෂාව හා සුරක්ෂිතතාව විධිමත් පරිදි පවත්වා ගෙන යාම සඳහා මෙරට දේශසීමා ආරක්ෂා කිරීම හා කළමනාකරණය ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම දේශසීමා හරහා මිනිසුන් හා භාණ්ඩ සංසරණය ඉහළ යාමත් සමඟ මෙය අත්‍යවශ්‍ය කරුණක්ව තිබේ. එබැවින් දේශසීමා (ප්‍රත්‍යන්ත) කළමනාකරණයේදී රජයේ ප්‍රධාන සම්බන්ධීකරණ ආයතනය ලෙස ක්‍රියාත්මක වීම පිණිස 'ජාතික ප්‍රත්‍යන්ත කළමනාකරණ කමිටුව (National Border Management Committee)' 2016 වර්ෂයේදී ස්ථාපිත කරනු ලැබ තිබේ.

දේශසීමා ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විවිධ නියෝජිත ආයතනයන්හි වගකීම් හා කාර්යභාරයන් හඳුනාගනිමින් අදාළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව විධිමත් ප්‍රත්‍යන්ත කළමනාකරණයක් මෙරට ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා සමෝධානික ප්‍රත්‍යන්ත කළමනාකරණ ක්‍රමෝපාය හා ක්‍රියාකාරි සැලැස්මක් එම කමිටුව විසින් සකස් කරනු ලැබ තිබේ. ඕස්ට්‍රේලියානු රජය විසින් සංක්‍රමණය සඳහා වන අන්තර්ජාතික සංවිධානය (IOM) හරහා ලබා දෙනු ලබන ප්‍රදාන ආධාර යටතේ එම ක්‍රමෝපාය සහ ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.