• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අසත්‍ය තොරතුරු හා අපහාසාත්මක පළකිරීම් සිදු කරනු ලබන තැනැත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම
- සමාජ මාධ්‍ය ජාල, විවිධ වෙබ් අඩවි ඇතුළු ඉලෙක්ට්‍රොනික මාධ්‍ය සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු බෙදාහරිනු ලබන සහ අපහාසාත්මක පළ කිරීම් සිදු කරනු ලබන තැනැත්තන්ට එරෙහිව පවතින නීතිමය රාමුව තුළ ගත හැකි පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යන ආයතන වෙත දැනුම් දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.