• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නව මුතුවැල්ල සහ ටොරින්ටන් ප්‍රදේශවල වැහි ජල අපවහන උමං මාර්ග ඉදි කිරීම
- කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගංවතුර පාලනය කිරීම සඳහා නව මුතුවැල්ල සහ ටොරින්ටන් ප්‍රදේශවල වැහි ජල අපවහන උමං මාර්ග ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. මේ සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, M/s China Petroleum Pipeline Engineering Co. Ltd වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.