• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තරුණ කෘෂි ව්‍යවසායකයින් බිහි කිරීමේ නියමු ව්‍යාපෘතිය කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීම
- මෙරට ආහාර නිෂ්පාදනය වර්ධනය කිරීමේ අරමුණින්, වාණිජ මට්ටමින් කෘෂිකර්මාන්තයේ යෙදිය හැකි ව්‍යවසායකයින් බිහි කිරීමේ ව්‍යාපෘතියක් 'ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන' යටතේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එහි නියමු ව්‍යාපෘතියක් වශයෙන්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ තෝරාගනු ලබන තරුණ ව්‍යවසායකයින් 100 දෙනෙකු සඳහා නවීන තාක්ෂණික කෘෂි උපකරණ ඇතුළු සම්පත් සපයා ගැනීමට සහන ණය පහසුකම් ලබා දීමට සැලසුම් කරනු ලැබ තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැනට පවත්නා කාලගුණික බලපෑම සහ පුත්තලම දිස්ත්‍රික්කයේ කෘෂි ව්‍යවසායකයින් දැනටමත් මේ සම්බන්ධයෙන් දක්වන නැඹුරුව සැලකිල්ලට ගනිමින්, පුත්තලම දිස්ත්‍රික්කයද ඇතුළත් වන පරිදි එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.