• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හමුදා සහයෝගිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගිවිසුමක් ඇති කරගැනීම
- අන්‍යෝන්‍ය විශ්වාසය සහ ජාත්‍යන්තර ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ද්විපාර්ශ්වික හමුදාමය සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ රුසියානු සමූහාණ්ඩුව අතර හමුදා සහයෝගිතාව පිළිබඳ ගිවිසුමක් ඇති කරගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.