• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම හා ගොඩබාන මසුන්ගේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ධීවර යාත්‍රා පද්ධතිය වැඩිදියුණු කිරීම
- මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම හා ගොඩබාන මසුන්ගේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා මෙරට ධීවර යාත්‍රා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය සදහා 2018 අයවැය මඟින් රුපියල් මිලියන 400ක් වෙන් කරනු ලැබ ඇත. ප්‍රතිලාභියා විසින් 50%ක දායකත්වයක් දැරීමේ පදනම යටතේ මෙම ව්‍යාපෘතිය මඟින් ධීවර යාත්‍රා 23ක් නිෂ්පාදනය කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.