• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැලණියේ සිට අරුවක්කාලු දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය එන්ජින් (Locomotive Engines) ප්‍රසම්පාදනය කිරීම
- කොළඹ අගනගර කලාප සීමාව තුළ එක් රැස් වන නාගරික ඝන අපද්‍රව්‍ය පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ ඉදි කරනු ලබන සනීපාරක්ෂක බිම් පිරවුමකට බැහැර කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මේ යටතේ කැලණිය හුවමාරු මධ්‍යස්ථානයේ සිට අරුවක්කාලු ප්‍රදේශය දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම පිණිස දුම්රිය එන්ජින් 04ක් සහ බහාලුම් වැගන් ප්‍රසම්පාදනය කළ යුතුව තිබේ.

මේ සඳහා නව ප්‍රසම්පාදනයක් යටතේ දුම්රිය එන්ජින් ලබාගැනීමේදී ඉතා දිගු කාලයක් ගත වේ. එබැවින්, මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනට ආරම්භ කරනු ලැබ ඇති එම දෙපාර්තමේන්තුව සඳහා දුම්රිය එන්ජින් සපයා ගැනීමේ ප්‍රසම්පාදනය යටතේම මෙම කාර්යය සඳහා දුම්රිය එන්ජින් 04ක් සපයා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.