• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෝටර්ස් එජ් (Waters Edge) හෝටලයට අනුබද්ධව කුඩා සුඛෝපභෝගි හෝටලයක් (Boutique Hotel) ඉදි කිරීම
- 2017 වර්ෂයේදී රුපියල් මිලියන 240ක ලාභයක් ලැබීමට වෝටර්ස් එජ් හෝටලය සමත් වී ඇති අතර, එම හෝටලයේ මෙහෙයුම් කටයුතු සහ භෞතික යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට අවධානය යොමු වී තිබේ. ඒ අනුව, වෝටර්ස් එජ් හෝටලය සඳහා කාමර 48කින් සමන්විත කුඩා ප්‍රමාණයේ නාගරික සුඛෝපභෝගි හෝටලයක් ඉදි කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.