• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුහුණ හා වයඹ විශ්වවිද්‍යාල වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින ඉඩකඩ හා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රජය විසින් ප්‍රමුඛතාව ලබා දෙනු ලැබ තිබේ. ඒ යටතේ 2018 අයවැය මඟින් වෙන් කරනු ලැබ ඇති අරමුදල් භාවිත කරමින්, රුහුණ හා වයඹ විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 3,939ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ, රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ගොඩනැඟිල්ලක් සහ ඉංජිනේරු පීඨයේ නාවික අධ්‍යයන කේන්ද්‍ර ගොඩනැඟිල්ල ඉදි කිරීමටත්, වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ ගොඩනැඟිල්ල ඉදි කිරීමටත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.