• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තාක්ෂණික සහයෝගිතාව ගොඩනඟා ගැනීම
- කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව (SLCARP) සහ ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් රාජ්‍ය විශ්ව විද්‍යාලය (Michigan State University - MSU) අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අධ්‍යාපන, පර්යේෂණ හා දිගුකාලීන තාක්ෂණික සහයෝගිතාව සම්බන්ධයෙන් ගිවිසුමක් ඇති කරගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.