• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සඳහා යෝජිත සංශෝධන
- 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ විධිවිධාන අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ස්ථාපිත කරනු ලැබ තිබේ. භාණ්ඩ හා සේවාවල මිල සහ වෙළඳාම පිළිබඳ රෙගුලාසි ඇති කිරීම මඟින් පාරිභෝගිකයින්ට මනා සුරක්ෂිතභාවයක් ලබා දීමත්, අසාධාරණ වෙළඳ ප්‍රතිපත්ති හා වෙළඳ බාධක වැනි පිළිවෙත්වලින් වෙළඳුන් හා නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම එහි මූලික අරමුණ වේ. එහි කටයුතු ආරම්භ කරන ලද 2003 වර්ෂයේ සිට මේ දක්වා පසුගිය වසර 15ක කාලය තුළ මෙම පනත ක්‍රියාත්මක කිරීමේදී හඳුනා ගන්නා ලද අඩුලුහුඬුකම් වළක්වා ගනිමින්, දියුණු හා දියුණු වෙමින් පවතින රටවල පාරිභෝගිකයා හා වෙළඳ තරගකාරිත්වය ආරක්ෂා කිරීමට පවතින නීති රීතිවලටද සහ නව ගෝලීය වෙළඳ පරිචයන්ට අනුකූල වන පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.