• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය ආයතන සඳහා වාහන සපයා ගැනීම
- රාජ්‍ය ආයතනයනවල භාවිතය සඳහා අවශ්‍ය වාහන මිල දී ගැනීම මෙන්ම මෙහෙයුම් කල්බදු හා මූල්‍ය කල්බදු යන ක්‍රම යටතේ සපයා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, එම එක් එක් ක්‍රමවේදය යටතේ වාහන මිල දී ගැනීමේදී සහ සපයා ගැනීමේදී අනුගමනය කළ යුතු නිර්නායකයන් ඇතුළත් කරමින් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.