• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බේරුවල, බදනාගොඩ ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක් හා ප්‍රජා ශාලාවක් ඉදි කිරීම සඳහා ඉඩම් කොටසක් වෙන් කරගැනීම
- බේරුවල හා දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බදනාගොඩ, ගල්පොත්තවිල හා පුන්සලමුල්ල යන ග්‍රාම නිලධාරි වසම්වල ජීවත්වන ජනතාවගේ භාවිතය වෙනුවෙන් ක්‍රීඩා පිටියක් හා ප්‍රජා ශාලාවක් ඉදි කිරීම සඳහා, නමුණුකුළ රාජ්‍ය වතු සමාගම මඟින් පාලනය වන පල්ලෙගොඩවත්ත නමැති ඉඩමෙන් පර්චස් 127.6ක බිම් කොටසක් රජයට පවරා ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.