• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල් (BIMSTEC) අතර විද්‍යා හා තාක්ෂණික සහයෝගිතාව වර්ධනය කරගැනීම
- 2008 වසරේදී ඉන්දියාවේදී පවත්වනු ලැබූ බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය ආංශික හා තාක්ෂණික සහයෝගිතා මූලාරම්භයෙහි (BIMSTEC) දෙවන සමුළුවේදී එහි සාමාජික රටවල් සඳහා තාක්ෂණ පැවරුම් පහසුකමක් (Technology Transfer Facility) ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරීමට තීරණය කරන ලදී. එමඟින් සාමාජික රටවල් අතර ජෛවතාක්ෂණය, නිනිති තාක්ෂණය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), අභ්‍යවකාශ තාක්ෂණය යන ක්ෂේත්‍රවල අත්දැකීම් හුවමාරු කරගැනීමේ සහ ධාරිතා සංවර්ධනය පිළිබඳ සහයෝගිතාවක් ඇති කරගැනීමට යෝජිතය. ඒ සඳහා සකස් කර ඇති සමාගම් සංස්ථා පත්‍රය (Memorandum of Association) අත්සන් තැබීමටත්, ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමටත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.