• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1939 අංක 32 දරන ප්‍රසූතිකාධාර ආඥාපනත සහ 1954 අංක 19 දරන සාප්පු සහ කාර්යාල සේවක (සේවය සහ වේතන විධිමත් කිරීමේ) පනත සංශෝධනය කිරීම
- දරු ප්‍රසූතියකදී සේවිකාවක වෙත ප්‍රසූතිකාධාර ගෙවීමට අදාළව 1939 අංක 32 දරන ප්‍රසූතිකාධාර ආඥාපනතෙහි සහ 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය සහ වේතන විධිමත් කිරීමේ) පනතෙහි ඇතුළත් විධිවිධානවල පවත්නා වෙනස්කම් නිවැරදි කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, එම කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති සංශෝධන පනත් කෙටුම්පත්, රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.