• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වයස අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටි පුරවැසියන් වෙත මාසික දීමනාවක් ලබා දීම
- වයස අවුරුදු 100 ඉක්මවූ වයෝවෘද්ධ වැඩිහිටි ජනගහනයක් රටක සිටීම, එරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබිඹු කරන මිනුම් දණ්ඩක් ලෙස සැලකෙයි. මේ වන විට වයස අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටියන් 350ක් පමණ ශ්‍රී ලංකාව තුළ වෙසෙන බව හඳුනාගනු ලැබ තිබේ.
,br> ඒ අනුව, ඔවුන්ගේ ජීවන සුරක්ෂිතතාව සහ සුබසාධනය තහවුරු කිරීමේ අරමුණින්, වයස අවුරුදු 100 ඉක්මවූ සියලුම වැඩිහිටි පුරවැසියන් වෙත රුපියල් 5,000/-ක මාසික දීමනාවක් ලබා දීම පිණිස සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.