• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2007 අංක 58 දරන රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත සංශෝධනය කිරීම
- රසායනික අවි වැඩිදියුණු කිරීම, නිපදවීම, රැස් කිරීම හා භාවිත කිරීම තහනම් කිරීම හා ඒවා විනාශ කිරීම පිළිබඳ සම්මුතියේ විධිවිධාන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා 2007 අංක 58 දරන රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත පනවනු ලැබ තිබේ. එම පනතේ විධිවිධාන අනුව එය ක්‍රියාත්මක කිරීමට අදාළ විෂයභාර අමාත්‍යවරයා වශයෙන් දක්වනු ලැබ ඇත්තේ කර්මාන්ත විෂයභාර අමාත්‍යවරයා වේ.

රසායනික අවි සම්මුතිය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සෘජුව අදාළ වන බැවින් මෙම පනතේ විෂයභාර අමාත්‍යවරයා ලෙස ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළත් කරමින් 2007 අංක 58 දරන රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් ලබා දීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.