• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018 වර්ෂයේ වෙසක් සතියට සමගාමීව යෙදෙන මැයි දිනය සැමරීමේ කටයුතු සඳහා වෙනත් දිනයක් යොදා ගැනීම
- 2018 වර්ෂයේ වෙසක් පෝය අප්‍රේල් මස 29 දිනට යෙදී ඇති අතර, එදින සිට ඉදිරි සතිය වෙසක් සතිය ලෙස නම් කර ඇති අතර, වෙසක් තෙමඟුල සැමරීම සඳහා දිවයිනපුරා විවිධ පුණ්‍ය වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙවර වෙසක් සතිය තුළ මැයි 01 දිනට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනයද යෙදී ඇති බැවින් වෙසක් සතිය තුළ ක්‍රියාත්මක වන වැඩසටහන්වලට මහජනතාවට බාධාවකින් තොරව සහභාගිවීමට හැකි වන පරිදි මැයි දිනය සැමරීමේ උත්සව සහ වැඩසටහන් පැවැත්වීම සඳහා සුදුසු වෙනත් වැඩපිළිවෙලක් යොදවන ලෙසට අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමින්වහන්සේලා විසින් යෝජනා කර තිබේ.

ඒ අනුව, මෙවර මැයි දිනයට සමගාමීව පැවැත්වෙන උත්සව සහ වැඩසටහන් මැයි මස 07 දින පැවැත්වීමට කටයුතු යොදන ලෙස සියලුම වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ වෙතින් ඉල්ලීමක් කරනු ලැබේ. ඒ සඳහා මැයි 01 දිනට යෙදී ඇති නිවාඩු දිනය අවලංගු කර මැයි මස 07 දින නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.