• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- 1981 අංක 68 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය පනත හා 1988අංක 27 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය, 1990 අංක 30 දරන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය හා 2007 අංක 50 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය යන සංශෝධිත පනත් මඟින් ස්ථාපිත කරන ලද ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලය, අධ්‍යාපනික හා වෘත්තීමය වශයෙන් පරිපූර්ණනිලධාරින් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්හි සේවයෙහි යෙදවීම සඳහා අවශ්‍ය උසස් අධ්‍යාපනය හා පුහුණුව සාර්ථකව ලබාදෙමින්, වර්තමානයේදී දේශීය සිසුන්ට හා විදේශීය පුරවැසියන්ට පුහුණුව ලබා දෙන ආරක්ෂක විශ්වවිද්‍යාල‍යක් ලෙස කටයුතු කරනු ලැබේ. එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තවදු‍රටත් පුළුල් කර ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයක් ලෙස එහි කාර්යභාරය හා කර්තව්‍යය වැඩි දියුණු කිරීම උදෙසා ඉහත සඳහන් පනත් පරිච්ඡින්න කොට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත නමින් නව පනතක් ප්‍රතිස්ථාපනය කිරීම මීට පෙර අමාත්‍ය මන්ඩලය මඟින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව සකස් කර ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රතයේ පළ කිරීමටත්, එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.