• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය සඳහා අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම
- ග්‍රාමීය ප්‍රදේශයන්හි ආර්ථික සංවර්ධනය වැඩිදියුණු කිරීම සහ පළාත් විෂමතාවයන් අවම කිරීම සඳහා ආසන්න වශයෙන් ග්‍රාමීය පාලම් 4,000ක් ඉදි කළ යුතු බවට හඳුනාගෙන තිබූ අතර, ඒවායින් පාලම් 1,210ක් ඉදි කිරීම සඳහා ක්‍රියාත්මක වන පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ දැනට පාලම් 1,000කට වැඩි ප්‍රමාණයක ඉදි කිරීම් අවසන් කර ඇති අතර, තවත් 200ක පමණ වැඩ අවසන් කිරීමට නියමිතව තිබේ.

පාලම් කඩිනමින් ඉදි කර ග්‍රාමීය ප්‍රදේශ අතර සබඳතාවන් වැඩිදියුණු කරන ලෙස විවිධ පළාත්වලින් ලැබී ඇති ඉල්ලිම් සලකා තවත් ග්‍රාමීය පාලම් 250ක් ඉදි කිරීම සඳහා අවශ්‍ය වන අතිරේක අරමුදල් මුල් ව්‍යාපෘති සඳහා අරමුදල් සලසා දුන් ආයතන මඟින් ලබාගැනීම සඳහා අදාළ ණය ගිවිසුම්වල කාලසීමාවන් දීර්ඝ කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.