• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම
- රජයේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුවට අනුකූලව උතුරු නැගෙනහිර ආර්ථික පිවිසුම් කලාපයක් ලෙස වැඩිදියුණු කර ගැනීමේ සැලැස්මේ ප්‍රධාන ව්‍යාපෘති අතුරින් එකක් ලෙස කන්කසන්තුරේ වරාය, තිරසර වාණිජමය වරායක් ලෙස ප්‍රතිසංස්කරණ කිරීම හඳුනාගෙන තිබේ. ඒ සඳහා ඉන්දියාව විසින් සලසනු ලබන අරමුදල් උපයෝගි කරගනිමින් කන්කසන්තුරේ වරායේ දැනට පවතින ජැටිය සහ දිය කඩනය ප්‍රතිසංස්කරණය කිරීම සහ නව ජැටියක් ඉදි කිරීමේ කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් සිදු කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන හා තාක්ෂණික ඇගයීම කමිටු පත් කිරීමටත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.