• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරගොල්ල ජල විදුලි බලාගාරය ඉදි කිරීම
- හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ මෙගා වොට් 30.2ක ධාරිතාවයක් සහිතව මොරගොල්ල ජල විදුලි බලාගාරය ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදන කටයුතු කොටස් 03ක් යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. එයින් පළමු කොටස යටතේ සිවිල් වැඩවල මූලික වැඩකටයුතු යටතේ පාරවල් සකස් කිරීම, කාර්යාල ඉදි කිරීම, වාරිමාර්ග පද්ධති හා සේවක නිවාස ඉදි කිරීමට නියමිතව ඇති අතර, ඒ සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 5.21ක මුදලක් වෙන් කර තිබේ. මෙම ප්‍රසම්පාදනය සඳහා කරන ලද ලංසු කැඳවීම අනුව ලැබී තිබුණු ලංසු 07 අතුරින් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අවම ලංසුව ඉදිරිපත් කරන ලද වී.වී. කරුණාරත්න සමාගම වෙත රුපියල් මිලියන 1,109.4ක (බදු රහිත) මුදලකට පිරිනැමීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.