• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා විදුලිබල මණ්ඩලය විසින් දැනට පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම්වල කාලය දීර්ඝ කිරීම
- ලංකා විදුලිබල මණ්ඩලය සතුව ඇති සමස්ත විදුලිබල ස්ථාපිත ධාරිතාවය මෙගාවොට් 4,086කි. මෙයින් මෙගා වොට් 1,391ක් පමණ වූ ජල විදුලි බලාගාරවල විදුලි නිෂ්පාදනය පසුගිය වසර 02 තුළ පැවැති නියං කාළගුණ තත්ත්වය නිසා සීමා වී තිබේ. දැනට ඉදි කෙරමින් පවතින සියලු බලාගාර අවසන් වීමට නියමිතව ඇත්තේ 2019 සහ 2022 වසර අතර කාලයේදී බව බැවින් වසර 2020 පමණ වනතෙක් විදුලිබලය ලබා ගැනීම සඳහා තාවකාලික වැඩපිළිවෙලක් යෙදීමේ අවශ්‍යතාවය මතුවී තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශද සලකා බලමින් සීමාසහිත Ace Power සමාගමට අයත් මාතර, ඇඹිලිපිටිය හා සපුගස්කන්ද බලාගාරවලින් තවදුරටත් විදුලිය මිල දී ගැනීම‍ට හැකිවන පරිදි එම සමාගම සමඟ ඇති කරලෙන ඇති 2018 ඉදිරි කාලයේදී අවසන් වීමට නියමිත ගිවිසුම් වල කාලය තවත් වසර 03ක කාලයක් සඳහා දීර්ඝ කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.