• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැලණිතිස්ස ද්විත්ව චක්‍ර විදුලි බලාගාරයේ ගෑස් ටර්බයිනය සඳහා නව උපාංග මිල දී ගැනීම
- කැලණිතිස්ස ද්විත්ව චක්‍ර විදුලි බලාගාරයේ ගෑස් ටර්බයිනයේ යම් නිශ්චිත ධාවන කාලයකින් පසු නැවත සවි කළ යුතු අත්‍යවශ්‍ය උපකරණ, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඒවායේ මුල් නිෂ්පාදකයා‍ වන General Electric (GE) සමාගමේ දේශීය නියෝජිතයා වන ඉන්දියාවේ GE BHEL-GE Gas Turbine Services පුද්ගලික සමාගම වෙතින් රුපියල් මිලියන 582ක මුදලකට මිල දී ගැනීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.