• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ බටහිර හා දකුණු පළාත්වල නගර සඳහා සෞඛ්‍ය හා සනීපාරක්ෂක වැඩසටහන් ව්‍යාපෘතිය - සැලසුම් හා අධීක්ෂණ උපදේශක සේවා
- සංවර්ධනය සඳහා වන ප්‍රංශ නියෝජිතායතනයේ සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල් යටතේ මෙරට බස්නාහිර හා දකුණු පළාත්වල නගර සඳහා සෞඛ්‍ය හා සනීපාරක්ෂක වැඩසටහන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මහා පරිමාණ මලාපවහන පද්ධතිවල කළමනාකරණ ධාරිතාව වැඩිදියුණු කිරීම සහ මීගමුව, ගාල්ල-උණවටුන හා කැලණිය-පෑලියගොඩ මලාපවහන පද්ධති ක්‍රියාත්මක කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කෙරේ. මේ සඳහා සැලසුම් හා අධීක්ෂණ උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, M/s Cabinet D'ETUDES MARC MERLIN සහ SWECO Denmark A/S Green Tech Consultants (Pvt) Ltd. අතර ඇතිකර ගනු ලැබ ඇති බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.