• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අඹතලේ ජල පවිත්‍රාගාරය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය
- 2020 වර්ෂය වන විට කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික ජල ඉල්ලුම ජලය ඝනමීටර 863,602ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් එම ජල ඉල්ලුම සපුරාලීම සඳහා අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජලය පිරිසිදු කිරීමේ ධාරිතාව දිනකට ජලය ඝනමීටර 50,000කින් ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස සලකා අඹතලේ ජල පවිත්‍රාගාරය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.