• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඌව පළාතේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම
- ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ කිලෝ මීටර 557.31ක් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ කිලෝ මීටර 488.78ක් දිගින් යුතු ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම හා නඩත්තු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තු 15ක්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.