• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ නැබඩගහවත්ත සිට මහකිතුල ජලාශ පිවිසුම් උමඟ දක්වා ප්‍රධාන ඇළ ඉදි කිරීම
- මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන, වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ නැබඩගහවත්ත සිට මහකිතුල ජලාශ පිවිසුම් උමඟ දක්වා ප්‍රධාන ඇළ ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 5,505.28ක මුදලකට China State Construction Engineering Corporation Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.