• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 34(1) වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 34(1) වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද 2017 අංක 3 දරන තහනම් උත්තේජක (තහනම් කරන ලද ලැයිස්තුව) නියෝග ඇතුළත්ව නිකුත් කරනු ලැබ ඇති ගැසට් නිවේදනය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.