• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් හා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ පරිපාලනය සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම
- ක්‍රීඩා යටිතල පහසුකම් ගමට ගෙන යාම තුළින් ජාත්‍යන්තරය ජයගත හැකි ග්‍රාමීය ක්‍රීඩක - ක්‍රීඩිකාවන් බිහි කිරීමේ අරමුණින්, මුළු දිවයිනම ආවරණය වන පරිදි පළාත් ක්‍රීඩා සංකීර්ණ 09ක් හා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ 16ක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් රජය විසින් ක්‍රියාත්මක කෙ‍ෙරමින් පවතියි. ඒ යටතේ, අනුරාධපුර, බදුල්ල, ත්‍රිකුණාමලය, මහනුවර යන ප්‍රදේශවල ඉදි කරන ලද පළාත් ක්‍රීඩා සංකීර්ණ 04ක් සහ කළුතර, මාතර, පොළොන්නරුව, මඩකළපුව හා යාපනය යන ප්‍රදේශවල ඉදි කරන ලද දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ 05ක් ජනතා අයිතියට පත් කරනු ලැබ තිබේ. අනෙකුත් ක්‍රීඩා සංකීර්ණයන්හි ඉදි කිරීම්ද මෙම වර්ෂය තුළ නිම කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම ක්‍රීඩා සංකීර්ණ නිසි පරිදි පරිපාලනය කිරීම සඳහා විධිමත් යන්ත්‍රණයක් සකස් කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.