• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාදේශීය මට්ටමේ කුඩා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- නව මැතිවරණ ක්‍රමය අනුව පවත් වන ලද පළාත් පාලන ඡන්ද විමසීම අනුව පළාත් පාලන ආයතනයන්හි සෑම කොට්ඨාසයක් සඳහාම මහජන නියෝජිතයෙකු තේරී පත්ව සිටන බැවින්, ඔහු/ඇය නියෝජනය කරනු ලබන කොට්ඨාසයට අදාළ යටිතල පහසුකම් අවශ්‍යතා හඳුනාගැනීමේදී එම නියෝජිතයින්ටද අවස්ථාව ලබා දීම වැදගත් වේ. එසේ හඳුනාගනු ලබන යෝජනාවන් සඳහා ප්‍රමුඛත්වය දෙමින් එකී යෝජනා ක්‍රියාත්මක කිරීමේදී පැන නැඟිය හැකි ගැටලු හා ද්වීකරණයවීම් වළක්වා ගැනීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.