• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන
- අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා තාක්ෂණවේදය විෂයධාරාව 2013 වර්ෂයේ සිට හඳුන්වා දෙන ලද අතර, එහි ප්‍රථම අදියරේදී පාසල් 251ක මෙම විෂයධාරාව ඉගැන්වීම ආරම්භ කරන ලදී. තාක්ෂණවේදය විෂය ඉගෙනුමට ඇති ඉඩ ප්‍රස්ථා තවදුරටත් වැඩි කිරීමේ අරමුණින් 2019 වසර වන විට පාසල් 1,500කට තාක්ෂණවේදය විෂයධාරව හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. මෙම විෂයධාරාව ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට නැඹුරු විෂයයන් වන බැවින්, මෙම විෂයධාරාව ඉගැන්වීම සිදු කරන පාසල් සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, නවීන තාක්ෂණයෙන් සමන්විත උපකරණ සැපයීම සහ එම විෂයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීම අත්‍යාවශයෙන්ම සිදු කළ යුතු වේ. එම අරමුණු ඉටු කරගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත 'තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන', අන්තර්ජාතික සංවර්ධනය සඳහා OPEC අරමුදලේ (OFID) සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.