• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (ලෝක බැංකු ආධාර යටතේ)
- ගෝලීයකරණය හා තාක්ෂණයේ කඩිනම් දියුණුවත් සමඟ ආර්ථික හා සමාජ කටයුතුවලට අවශ්‍ය වන පරිදි රටක මානව සම්පත නිර්මාණය කිරීමේ අඩිතාලම වශයෙන් සාමාන්‍ය අධ්‍යාපනය හඳුනා ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සාමාන්‍ය අධ්‍යාපනය නවීකරණය කිරීම හා එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 100ක සහනදායී ණයක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කොට තිබේ. වර්තමාන රැකියා වෙළඳ පොළේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි, කුසලතාවලින් හා පුහුණුවෙන් යුතු වූ මානව ප්‍රාග්ධනයක් සංවර්ධනය කරගැනීමේ අරමුණින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.