• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මානව අභිමානය සහ සමාජ සමගිය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත
- මානව අභිමානය හා සමාජ සමඟියට හානි වන අයුරින් මහජනයා අතර සමාජ නොසන්සුන්තාව සහ ආගමික හා ප්‍රජා අසමගිය ඇති කිරීම පිණිස වර්ධනය වන රහසිගත උත්සාහයන් මෙන්ම විද්‍යුත් මාධ්‍ය හරහා කරන හිංසනය, පළිගැනීම, බියගැන්වීම සහ තර්ජනය කිරීම වැනි ව්‍යසනයන් මැඬපැවැත්වීම සඳහා පියවර ගැනීම වර්තමානයේදී අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත.

ඒ අනුව, එක් එක් තැනැත්තාගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන සහ මහජනතා අතර ආගමික, වාර්ගික හෝ ප්‍රජා අසමගිය ඇති කිරීමට කරන උත්සාහයන් අපරාධ වශයෙන් සලකා කටයුතු කිරීමට හැකි වන පරිදි නීති සකස් කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.