• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී බුද්ධ වර්ෂ 2562වන රාජ්‍ය වෙසක් උත්සවය සඳහා විදුලිය ලබා දීම
- මෙවර රාජ්‍ය වෙසක් උත්සවය, කුරුණෑගල, ඓතිහාසික බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේදී පැවැත්වීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. ප්‍රධාන උත්සවය පැවැත්වෙන විහාරස්ථානය සහ ඒ අවට ප්‍රදේශයට විදුලි ආලෝකය සැපයීම සඳහා තවදුරටත් අවශ්‍ය වන අරමුදල් සලසා දීම පිණිස බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.